අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා

0
107
President agrees to form interim government:Chief Registrar of Asgiri Chapter
President agrees to form interim government:Chief Registrar of Asgiri Chapter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් පැවසුවේ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව රජය ගැඹුරින් සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.

“තිරසාර කැපවීම සහ කැපවීම පිළිබිඹු කරමින් ඔවුන්ගේ වටිනා කාර්යය සඳහා කමිටු සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ජනාධිපතිතුමාගේ අවංක ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට කැමතියි,” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා

Registrar of the Asgiriya Maha Nikaya Ven. Medagama Dhammananda

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

පවුලේ දැඩි බලපෑම් නිසා තීරණයේ වෙනසක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තාවේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එක් අයෙකු දෙදෙනෙකු හැරුණු විට අන් සියලු දෙනාම ගේම ඉල්ලීම වී ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටිය යුතු බවයි.

ආසන්න අවස්ථාවදී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත මෙම තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වෙයි.

සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද රාජපක්‍ෂ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් විසින් කරන ඉල්ලීම මත බවද සදහන්ය.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රී සංඛ්‍යාවක සහාය නොලැබෙන්නේ නම් තවදුරටත් ධුරයේ රැඳී නොසිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here