අමාත්‍ය මණ්ඩල තීරණ 

0
63

දේශීය ඇඟලුම් නිෂ්පාදකයින්ට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරුබදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන, ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී දේශීය ඇඟළුම් නිෂ්පාදකයාට අභියෝග රාශියකට මුහුණ දී සිටී.

ඊට පිළියමක් වශයෙන් සංයෝජික වර්ගීකරණ (HS) කේත අංක 19ක් යටතේ වන දේශීයව නිෂ්පාදනය නොකරන උපාංග අයිතම් සඳහා තීරු බදු සහන ලබා දීම සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මේ අතර විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මේ යටතේ විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය පදනම් කර ගනිමින් ලබා දෙන තීරුබදු පහසුකම හෙවත් ඩියුටි ෆ්‍රි පහසුකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.

නීත්‍යානුකුල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණයෙන් 50% කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීමට ද මේ මගින් යෝජිත ය.

අමාත්‍ය මණ්ඩල තීරණ සම්පූර්ණයෙන් පහත දැක්වේ …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here