ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළ හොත් පමණක් බවට දැඩි තීන්දුවකට එළඹ ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බලශක්ති අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළා.
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට හෝ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අද දිනයේ ද මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවයි බලශක්ති අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.