අරගලයේ සිටි විදෙස් කතගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

0
63

ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600  ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.  

ආහාර පාර්සල් අරගලය ආරම්භයේ සිට මෑතක් වන තුරු ලබාදී ඇති බව තියති.

මෙම ආහාර පාර්සල් නොමිලේ ලබා දුන්නේ ද , නැතහොත් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම් කර මේවා ලබා දුන්නේද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අරගල කරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමකදි මේ බව හෙළි කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

ජනපති නිවෙසට ගිනි තැබීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල දී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ජනපති කාර්යාලයට පැන්න අරගලකරු අල්ලයි

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස පළමුවෙන්ම ඇතුළු වූ පුද්ගලයා ලෙස හඳුනාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය නිවේදනය කළේ, කොළඹ උතුර කොට්ඨාශයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු වයස අවුරුදු 38ක , පරණපාර , පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අරගලයේ සිටි විදෙස් කතගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.

අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here