අර්බුද මැද මැයි රැළි සහ පෙළපාලි

0
105

පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ

පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී පැවැත්විණ.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. 

ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටියහ.

සජබ රැළිය කැම්බල් පිටියෙ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය.

පෙළපාලිය මේ වන විට වෝඩ් පෙදෙස හරහා කොළඹ නිදහස් චතුරස්‍ර දක්වා ගමන් කරමින් තිබෙන අතර ඒ සඳහා අති විශාල ජනතාවක් එක්ව සිටියහ.

බොරැල්ල සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

අපේ බලාපොරොත්තුව අලුත් ආණ්ඩුවක් – මෛත්‍රී

ආණ්ඩුව ඉවත් නොවන නිසා ආණ්ඩුව ඉවත් කර නව ආණ්ඩුවක් සෑදීමට තමන් පාරට පැමිණි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඔහුඔහු මේ බව පැවසුවේ (01) පොලොන්නරුවේ පැවති විරෝධතා පාගමනකට සහ ‍රැළියකට සහභාගී වෙමින්.

ජනතාව පිදවෙන් සිටින අවස්ථාවක තමන්ට නිවසට වී සිටිය නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් පිහිටු වීම බවද ඔහු කියා සිටියේය.

එජාප මැයි රැළිය

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (1)පැවසීය.

පරණ දේශපාලනයෙන් මිදී අලුත් ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

රනිල් වික්‍රමසිංහ මේ බව පැවසූයේ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයිදින රැලියට සහභාගී වෙමිනි.

අද මෙරට තරුණයන්ගේ පමණක් නොව සියලුම දෙනාගේ අනාගතය නැති වී තිබෙන අතර දැන් ශ්‍රී ලංකාව අරාජික වී හැමතැනම උද්ඝෝෂණ තිබෙන බවත් අද තිබෙන්නේ “ගෝඨා ගෙදරයන්න, රාජපක්ෂවරු ගෙදර යන සටන් පාඨ දෙක පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

ආණ්ඩුව ඇතුලෙත් දැන් කඩා වැටීමක් ඇති වී තිබෙන අතර ඒ කණ්ඩායම සහ සහෝදරයන් අතරත් ඝට්ටන තිබෙන බවත් 2019 ජනාධිපතිවරණයේදී ලැබුණු වරමත් 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු වරමත් දැන් අහෝසි වී ගොස් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වරම කැන්සල් වී ඇතැයි රනිල් වික්‍රමසිංහ පැවසීය.

තවත් මැයි රැළි දිවයින පුරා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැයි දින රැලිය ද කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණ.

.ජාතික නිදහස් පෙරමුණේ මැයි දින සැමරුම, එහි නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ‘අපේ ගම‘ පරිශ්‍රයේදී සවස 3:00ට පැවැත්විණ.

“අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට බල කෙරෙන අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය” යන්න එහි තේමාව වී තිබේ.

නිර්පාක්ෂික වැඩ කරන ජනතා මැයි දින රැලියක් මෙවර ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දී ද පස්වරු 2.00ට ආරම්භ කෙරිණ.

මීට අමතරව ඇතැම් වෘත්තීය සමිතිද තම කාර්යාලවල දී කම්කරු දින සැමරුම් හා පෙළපාලි සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here