අල්ලස් චෝදනාවෙන් නිදහස් සිරිපාලට ඇමති පට්ටමක්

0
58

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

 අල්ලසින් නිදහස් – සිරිපාලට ඇමතිකමක්

නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

නිමල් සිරිපාල ද සිල්වාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (2) උදේ පැමිණෙන ලෙස ඊයේ (1) දැනුම්දීමක් ද කර තිබිණි.

අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.

එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායකට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල මහතා ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.

පසුව නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන අය කටයුතු කළහ.

අල්ලස් ඉල්ලූ බවට සාක්ෂි නෑ

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු, කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල යෙදී සිටි ජපාන සමාගමක් වන තායිසේ සංස්ථාවෙන් අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි යැයි ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඉදිරිපත් වූ වාචික හා ලිඛිත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී තායිසේ සංස්ථාවෙන් නිමල් හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි බව එම කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ජනාධිපතිවරයා විසින් එම වාර්තාවකැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් පත් කරනු ලැබ සිටී.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධරයකු වන නිමේෂ් හේරත් මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here