ඉන්දීය රජයෙන් ලංකාවට පොහොර

0
98

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස සැපයෙන්නේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් වන අතර දැනට පවතින අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි මෙම පොහොර ප්‍රමාණය මෙරටට හිමිවන්නේ.

මෙම යූරියා පොහොර තොගය ඉදිරියේ දී යල කන්නයේ වගා කටයුතු සඳහා යෙදවීමට තීරණය කෙරෙන අතර අදාළ ප්‍රදානය ගැන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරයි.

රනිල්ට ආව ලොකුම අභියෝගය

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම නව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන කාර්යභාර්යය විය යුතු බව කොළඹ තරුණ බෞද්ධ සංගමය පවසයි.

එම අරගලකරුවන්ට පහරදුන් සහ පහරදීමට අනුබල දුන් දේශපාලන බලවතුන් සහ ඊට සහභාගී වූවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුවිය යුතු බවයි එම සංගමය පෙන්වා දෙනු ලබන්නේ.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සහ එහි නියෝජිතයන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කුමන පෙරළියක් ඇති වුව ද සදාචාරවත් සහ නීතිගරුක සමාජයක් ඇති කිරීමට ඇති කැපවීම නව පාලකයක් විසින් පෙන්නුම් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here