ලෝක මාධ්‍ය නිදහස් දිනය (මැයි 03) නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) ප්රමුඛ මාධ්‍යවේදීන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත රැස්වී පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මරා දැමූ මාධ්‍යවේදීන් විශාල ගණනකගේ පුවරු නැවත සවි කිරීමට එක්විය.
පසුගිය සතියේ එහි රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ රූප රාමු සහිත පුවරු විනාශ කර දැමිණ.
විරෝධතාවයේ නිරත මාධ්‍යවේදීන් ‘ගෝඨාගෝගම’ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේය.







