ඉහළම ප්‍රථිඵල ලබාගත් සිසු දරු දැරියෝ

0
42

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රථිඵල ලබාගත් සිසුන් පිළිබඳව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ අනුව කලා අංශයේ විශිෂ්ඨතම ප්‍රථිඵලය වාර්තා කරමින් දිවයිනේම පළමු ස්ථානය ලබා ගැනීමට බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා සමත්ව ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවා හිමිකරගනු ලැබීය.

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවායි.

වාණිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත්ව ඇත.

ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවායි.

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ඊයේ (28) දිනයේ ප්‍රථිඵල නිකුත්වූ උසස් පෙළ සිසුන්ගෙන් නැවත දෙවෙනි වර විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

එම සිසුන් සඳහා බ්‍රහස්පතින්දා (01) සිට සැප්තැම්බර් 8වනදා දක්වා සතියක කාලය තුළ නැවත විභාගයට අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එම සිසුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාගයට අයදුම් කිරීමට පහසුකම් සලසා දී තිබේ.

මේ අතර විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් 0112-784208,0112-785413 හෝ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1911ට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here