කබ්රාල් රත්‍රං ටොන් 5ක් විකුණලා

1
152

2020 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති රත්රන් ටොන් 19ක වූ ප්‍රමාණය මේ වන විට ටොන් එක දක්වා පහත දමා ඇති බව අනාවරණය වේ.

එනම්, වර්තමාන ආණ්ඩු කාලය තුළ රත්රන් ටොන් 18ක් විකුණා තිබීමයි.

විශේෂයෙන්ම වර්තමාන මහ බැංකු අධිපතිවරයා පත්වී ඉතා කෙටි කාලයක් තුළ රත්රන් ටොන් 5ක් විකුණා දැමීය.

මෙම තොරතුරු හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. විජේවර්ධන යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකරනු ලැබීය.

රත්රන් විකිණීමේදී අවුන්සයක් ඩොලර් 1,600කට විකුණා ඇති බවත් ඒ විකුණූ ආසන්න දිනයකදීම ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 1,700ක් වී මේ වනවිට තව තවත් වේගයෙන් ඉහල යමින් පවතී.

1 COMMENT

  1. These bunch of rascals looting our country and selling part by part our mother country but nobody get any actions against them…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here