කලහයට අනුබල දුන් 59 ක් හඳුනාගනී

0
100
The law is not enforced against the perpetrators of the Golf Face attack

පසුගිය 9 වැනි දින ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා 59 ක් සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 59 කු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

එම පුද්ගලයන් දිවයිනෙන් බැහැරව සිටියත් මෙම අපරාධ සඳහා ඔහුට එරෙහිව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් පාසල පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝල්ෆේස් ප්‍රහාරයේ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නැහැ

ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පවතින අපරාධමය චෝදනා යටතේ අදාළ ප්‍රහාරකයින් මේ දක්වා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් රට පුරා විරෝධයක් එල්ල වෙමින් තිබේ.

මේ වනවිට නීතිපතිවරයා, නීතිඥ සංගම්, වෙනත් බහුජන සංවිධාන සහ ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන ව්‍යාපාර එම අපරාධකරුවන් අත්තඩංගුවට ගන්නා ලෙස වගකියයුත්තන්ට බල කර ඇත.

එහෙත් පොලිස්පති වරයා ඇතුළු මූලික වගකියයුත්තන් ප්‍රහාරයෙන් දින තුනකට පසුවත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

දේශපාලන මැරයන් සංවිධානය කිරීම සහ ප්‍රහාරයට යෙදවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජිව එදිරිමාන්න, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු දේශපාලඥයින් ගණනාවක් අපරාධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් ඍජුවම චෝදනා ලැබ සිටී.

ඊට අමතරව ඍජුවම එම ප්‍රහාරයට සම්බන්ධ වී රාජකාරිය පැහැර හැරි බවට බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අපරාධමය චෝදනා එල්ල වී තිබේ.

මේ අතර පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here