කළහාකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට

0
104


අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ පොලිස් ස්ථාන වලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 272 ක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

ගත වු පැය 24 තුළ සැකකරුවන් 258 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිල ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් (444) බවත් දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here