ඉතාම කෙටි කාලයක් තුළ රට බංකොලොත් කළ ආකාරයේ එක් පැතිකඩක් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන දත්ත සහිතව හෙළිකර තිබේ.
ඔහු හෙළිකර තිබෙන්නේ 2021 වර්ෂය අවසන්වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9ක් වූ බවය.
එය 2022 ජනවාරි අවසන් වනවිට ඍණ ඩොලර් බිලියන 3.2 දක්වා ද පෙබරවාරි මස අවසන් වනවිට ඍණ ඩොලර් බිලියන 3.6 දක්වාද බිඳ වැටී ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් අප්‍රේල් 04 වෙනි දින මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ මේ තරම් බංකොලොත් තත්වයකට හෙළීමෙන් පසුව ය.