ගල් අඟුරු නැව් දෙකක් ඩොලර් නැතුව හිරවෙයි

0
152
Two coal ships stranded without dollars
Two coal ships stranded without dollars

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120,000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වනවිට දින 07ක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් ඒ අනුව විදුලි කප්පාදුව තව දුරටත් සිදු කිරිමට සිදුවනු ඇති බවටත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here