මාර්තු 16 වනදා දෙමටගොඩ ගුවන් පාලමේ ධාවනය වෙමින් තිබූ මොරටර් රථයක් ගිනීගැනීමෙන් පසු මේ දක්වා පෙට්රල් වාහන රැසක් හිටිහැටියේ ගිනිගෙන තිබේ.
මෙම ගිනිගැනීම්වලට හේතුව බාර ඉන්ධන ආනයනය බව පොදු සමාජයේ පිළිගැනීම වී ඇත.
එහෙත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු වගකීම් සහගත පියවරක් ගෙන නැත.
මෝටර් රථය ගිනිගැනීමෙන් පසුව දිවයිනේ විවිධ ප්රදේශවලදී යතුරුපැදි සහ ත්රීවීලර් රථ ගිනිගැනීමට ලක් වී තිබේ.
පසුගිය 28 වනදා බණ්ඩාරගම පානදුර සහ වාද්දූවේද විවිධ ස්ථානවලදි හිටිහැටියේ ගිනිගැනීම් සිදුවී තිබිණි.
ඊට අමතරව අනුරාධපුර රෝහලට රෝගියෙකු ගෙනගිය ත්රීරෝද රථයක් රෝහල් පරිශ්රයේදීම ගිනිගැනීමට ලක් වී ඇත.
මේ අකාරයෙන් රෝගීන් ගෙනයාම ඇතුළු විවිධ කටයුතුවලදී ගිනිගැනීම් සිදුවන අතර ඉන්ධන පිරවුම්හල් පරිශ්රයන් හිදී ද මෙම ගිනිගැනීම් හේතුවෙන් දැඩි අනතුරුදායක තත්වයක් උද්ගතවී ඇත.