වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
තමා සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය කටකතා ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.