ගෝඨා යා යුතුයි – සියයට 78.6ක් කියති

0
98
Interim government
Interim government

ඩේලිමිරර් පුවත්පත පසුගිය 23වැනි දින අවසන් කරන ලද මත විමසුමකදී ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 78.6%ක් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බව කියා තිබේ.

මෙම මත විමසුමේදී පාඨකයන්ගෙන් අසනු ලැබ තිබුණේ ‘රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම කුමක්ද’ යන්නය.

මත විමසුමේ සෙසු තෝරා ගැනීම් වූ ‘අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම’ යන්න 11.8%ක් තෝරා ගනු ලැබ තිබූ අතර ‘සෙසු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහය දැක්විය යුතුය’ යන්නට කැමැත්ත පළ කර ඇත්තේ 6.5%ක පිරිසක් පමණි.

3.1% ප්‍රමාණයක් පිළිතුර නොදන්නා බව කියා තිබේ.

එහි 78.6%ක්ම රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බව කියා තිබුණද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් රහසිගත ස්ථානයක සැඟවී සිටී.

(dailymirror.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here