ඉලක්ක ගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප්‍රමාදවීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද පෙරවරුවේ හදිසි නිරීක්ෂණයටක ලක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරි පනත මගින් එම අධිකාරිය පිහිටුවනු ලැබුවා. ශ්‍රී ලංකාව පුරා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ප්‍රධාන ආයතනයක් ලෙස කටයුතු කිරීම, කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස බලශක්ති අවශ්‍යතා සපුරාලීමට පහසුකම් සැපයීම, තිරසාර බලශක්ති සම්පත් කල්තියා හඳුනා ගැනීම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අරමුණු වනවා.
බලශක්ති අධිකාරියේ ඉල්ලූම් පාර්ශවීය කළමනාකරණ, පර්යේෂණ, උපාය මාර්ග බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යය භාර්යයන් හා සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසා බැලුවා.
විදුලිබල උත්පාදනයට ජල, සූර්යය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදා ගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමුවී විමසා බැලීම ජනාධිපතිවරයාගේ චාරිකාවේ අරමුණු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.