ණය ගෙවන්න ඩොලර් නැහැ

0
114
No dollars to pay off debts
No dollars to pay off debts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසූයේ ලංකා ඉතිහාසයේ පළමු වරට අප ණය ගෙවන්නට බැරි තැනට පත්ව ඇති බවයි.

එන මාස 12ට ඩොලර් බිලියන පහමාරක පමණ ණයක් ගෙවන්නට සිදුවෙන බවත් ණය නොගෙවන පසුබිම යටතේ අපට එකවර කොපමණ මුදලක් ගෙවන්නට සිදු වනවා දැයි පැහැදිලි කරන ලෙසත් හර්ෂ ද සිල්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් මනූෂ සහ හරීන්ගේ සහාය

නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාගෝහෝම් යථාර්ථයක් කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග ඇතුළු ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරියේදී ඇතිකරගන්නා රජයකට සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.

පාඨලීගේ මාර්ග සිතියමේ යෝජනා 06 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවා තිබේ.

මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිගේ එකඟතාවය මෙහිදී පළ කර තිබීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍යවරයා විසින් එවන ලද ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here