තවත් ඩොලර් කොල්ලයක් හෙළිවෙයි

0
131
Another dollar robbery revealed
Another dollar robbery revealed

පසුගිය වසර අවසානයේ නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී විදේශයන්ගෙන් සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හතලිස් හත්දහස් අනූ එකක් (147,091) ආනයනය කිරීමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් යෙදවීමේ ජාවාරමක් පිළිබඳව මහ බැංකු වාර්ශික වාර්තාවෙන් අනාවරණය වේ.

එම වාර්තාව දක්වන්නේ 2021 අප්‍රේල් මස අවසානයේදී ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර සහ යෙදවුම් තහනම් කරන අවස්ථාව වනවිට රටතුළට ආනයනය කර තිබූ එම රසායනික ද්‍රව්‍ය යොදවා වී වගාව සිදු කළ බවය. ඒ අනුව 2020/2021 මාස් කන්නයේ සහ 2021 යල කන්නයේ වි නිෂ්පාදනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 33කට ප්‍රමාණවත් බවය. එය මාස 17ක මෙරට සහල් පරිභෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් බවද දක්වා තිබේ.

එසේ තිබියදී පසුගිය වසරේ එම මාස දෙක තුළදී අති විශාල සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට ඒ වනවිටත් වේගයෙන් පහත වැටෙමින් තිබූ විදෙස් සංචිතවලින් ඩොලර් මිලියන 73ක් වැය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here