දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

0
62

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශ භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ඉන් පහළ ප්‍රදේශයේ පිහිටි සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් තිබුි.

පවතින වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ල ඇතුළු උඩරට දිය ඇලිවල ජල මට්ටම් ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.

පස් කඳු පෙරලුනු හැටන් – නුවරඑළිය මාර්ගය

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ස්ථාන කීපයකින් අද (02) පස් කඳු හා ගල් පෙරලීම් සිදුව තිබේ.

එම මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය අසල සිදුවූ නායයාමකින් රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මන්ත්‍රීරුවකට සීමා වී ඇති බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පැවති හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමණාකාර අධ්‍යක්ෂ එස්. පී. සි සුගිෂ්වර සඳහන් කළේ, එම ගංඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

රත්නපුර නගරයේ පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කළා ය.

ඇය සඳහන් කළේ, නාය යෑමක් හේතුවෙන් අවහිර වූ රත්නපුර – වේවැල්වත්ත මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවයි.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 07 ට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.

පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි

මේ අතර අදත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලමේ සිට පොතුවිල් දක්වා නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවලින් වළකින ලෙස කාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර පසුගිය පැය 24 තුළ දියේ ගිලිමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් සිව්දෙනෙකු අතුරුදන් වී තිබේ.

දිස්ත්‍රික්ක 5ක 7649 ක් පීඩාවට

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 5 ක පවුල් 1766 කට අයත් පුද්ගලයින් 7649 දෙනකු පීඩාවට ලක් වී ඇතැයි, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ, පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණ 3 ක් මේ වනවිට වාර්තා වන බවයි.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හමුවේ බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යට වී තිබේ.

යුද හමුදාව ආපදාවට පත් ප්‍රදේශ වෙත

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්වසිටින මහජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදා භටපිරිස් ආපදාවට පත් ප්‍රදේශ වෙත යොමුකිරීමට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් දී ති්.

ඒ අනුව උලපනේ තවතන්තැන්න මාර්ගය නාය යාම නිසා පීඩාවට පත් පාසැල් සිසුන් සහ මහජනතාව එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 බලකායට අයත් 58 සේනාංකයේ 5 වන විජයබාහු රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

එසේම මොරපේ රන්වන්තලාව ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසාවෙන් අවතැන් වූ පිරිසක් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීමටත් එම භටපිරිස් කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here