දෙහිවල සත්තුන්ටත් කන්න නැහැ

0
97

දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්ත්වෝද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට ලක්ව තිබේ.

ඒ දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන්.

විදේශ සංචාරකයන් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟය හේතුවෙන් දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ යාම මෙලෙස මුල්‍ය ප්‍රතිපාදන නොමැතිවීමට හේතු වී ඇති බවයි සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන් ම සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 60කට අසන්න හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව ද සඳහන්.

මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ත්ව ආහාර වෙනුවෙන් රුපියල් මිලියන එකසිය විස්සක මුදලක් වැය වන බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

එමෙන්ම, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ සිටින අලින් සඳහා වසරකට රුපියල් මිලියන හතළිස් පහක මුදලක් වැය වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

දෙහිවල සත්තුන්ටත් කන්න නැහැ

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් පවසයි.

ඊයේ (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී අවධාරණය කළේ විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව බවයි.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැක බලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීම සඳහා වසරකට රු.මි.45ක මුදලක් වැය වන බවත් ඔවුන් පවසයි.

රජය විසින් අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල ඉහත කී කරුණු නිසා අවසන් ඇති බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේ වන විට රු.මි.59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බවත් මෙම වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩු තරමින් රු.මි.120ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බවද සඳහන්.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

සතුන් සමඟ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here