නව පාසල් වාරයේ පළමු අදියර හෙට

0
102

නව පාසල් වාරයේ පළමු අදියර හෙට (06) ආරම්භ වීමට නියමිතයි.

නව පාසල් වාරයේ දී අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් වලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් බස් රථ ධාවනය කිරීමට පවතින ඩීසල් අර්බුදය හමුවේ බාධා එල්ලවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනය හෙට සිට 50%ක් 

පෞද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට 50%ක් දක්වා අඩු කරන බව බස් සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න සඳහන් කළේ පවතින ඩීසල් හිඟය හමුවේ මෙම පියවර ගැනීමට සිදු වන බවයි.

මේ අතර දුර ගමන් සේවා බස් රථ ධාවනය අඩාල වී ඇතැයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංමයේ සභාපති සරත් විජිත කුමාර පවසයි.

මේ අතර මගී ප්‍රවාහන බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළි‌වෙළක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

එහි ලේකම්, ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි පැවසුවේ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ජා කර මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here