ප්‍රචණ්ඩ සිදුවීම්වලට 1500 ක් අත්අඩංගුවට

0
95

මැයි 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 1500 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

ගතවූ පැය 24 තුළදී පැමිණිලි 08 ක් ලැබී ඇති අතර ඒ අනුව මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 844 ක් බවද සඳහන්.

ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබූ සංඛ්‍යාව 152 ක්.

ඉන් 101 දෙනෙකුට ඇප හිමිව ඇති අතර තවත් 39 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here