පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

0
39

අධිකරණයට අපහාස කළා යැයි යන චෝදනා යටතේ , පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28) තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත .

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, නීතිඥ විජිත් කුමාර විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර ඇත .

මේ අතර මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි, ඉල්ලමින් පෙරේදා (27) දිනයේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහා නීතිපතිවරයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here