ඉහළ නිලධාරීන් යම් පිරිසකගේ අනීතික බලපෑම් සහ පොලීසියට ලැබිය යුතු මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන අයිතිවාසිකම් නොලැබීම මත දැඩි පීඩනයක් එල්ල වී තිබෙන බවට තොරතුරු රැසක් අනාවරණය වේ.
මේ වනවිට මූලිකවම පොලීසියේ කාර්යමණ්ඩල සඳහා ලැබිය යුතු (බටා) මුදල් මේ වන විට ලබා දී නැත.
සෑම මසකම 10 වෙනි දින ලබා දිය යුතු වුවත් මැයි මාසය සඳහා අදාල මුදල් මේ දක්වා ලබාදිමට කටයුතු කර නැත.
පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් හෙළිවන්නේ මහා භාණ්ඩාගාරයෙන් එම මුදල් ලබා දී නොමැති බවය.
උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළට රුපියල් 14,000ක මාසික දීමනාවක්ද ඉන් පහළට රුපියල් 9000ක දීමනාවක්ද වශයෙන් එම මුදල් ලබාදිය යුතුය.
මේ අතර ආණ්ඩුවේ විවිධ දේශපාලනඥයන්ගේ හිතවතුන් බවට පත් වී සිටින ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් අනීතික නියෝග ලබාදීමට එරෙහිවද එම දෙපාර්තමේන්තුව තුළ විරෝධයන් උත්සන්න වෙමින් තිබේ.