ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 360ක විනිමය අනුපාත දල සීමාවක් පනවා එය රුපියල් 2.60ක අඩු හෝ වැඩි වීමේ තත්වයක් පවත්වාගෙන යන ලෙසට ශ්රී ලංකා මහ බැංකුව එහි ලියාපදිංචි සියලමු වාණිජ බැංකුවලට නිර්නායක නිකුත් කර ඇත.
ඊයේ (13) මෙම නිර්නායක ශ්රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබිණ. මේ වනවිට ඩොලරයක් සඳහා විවෘත වෙළඳපොලේ මිල ගණන් රුපියල් 380ක් දක්වා නියම වී පැවතිණි. එහෙත් ශ්රී ලංකා මහ බැංකුව විසින් එය විකුණුම් මිල රුපියල් 364.98ක් ලෙස නාමිකව පවත්වාගෙනු යනු ලැබීය.
මෙම තත්වය තුළ ඉදිරියේදී වාණිජ බැංකු විසින් රුපියල් 360ක ආසන්නයේ ඩොලරය පවත්වාගෙන යන ලෙස නිර්නායක දී තිබේ.