මැක්රොන්ට යළිත් ජනවරමක්

0
143
A return to moderate opinion in France
French President and liberal party La Republique en Marche (LREM) candidate for re-election Emmanuel Macron waves at wellwishers after voting for the second round of France's presidential election at a polling station in Le Touquet, northern France on April 24, 2022. (Photo by GONZALO FUENTES / POOL / AFP)

මධ්‍යස්ථ මතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමි විය.

ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 44 හැවිරිදි මැක්රොන් සියයට 58 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා 53 හැවිරිදි අපේක්ෂිකා මරීන් ල පෙන් ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ඒ අනුව, දශක දෙකකට පසු, පිටපිට ජනාධිපතිවරණ දෙකක් ජයග්‍රහණය කළ පළමු ප්‍රංශ ජනාධිපති ලෙස මැක්රොන් සැලකෙයි.

මැක්රොන්ගේ ජයග්‍රහණය තහවුරු වූ සැණින්, ල පෙන් මැක්රොන්ට සුබ පතමින් කියා සිටියේ එය ඉතා විශිෂ්ට ජයක් බවය.

‘ඒක ඇත්තමට විශිෂ්ට ජයග්‍රහණයක්. ජනමතයට මා හිස නමනවා. මැක්රොන්ට මා සුබ පතනවා’ යැයි ල පෙන් පැවැසුවාය.

(reuters.com)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here