රජිව් ගාන්ධි ඝාතකයා නිදහස්

0
101

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් 2018 වසරේ සැප්තැම්බර් මස පෙරරිවාලන් හට සමාව ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර තිබූ අතර ආණ්ඩුකාරවරයාගේ ප්‍රමාදය හේතුවෙන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වෙනි වගන්තිය යටතේ අධිකරණයට ලබා දී ඇති බලතල ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

1991 වසරේ රජීව් ගාන්ධි ඝාතනය වන අවස්ථාවේ අවුරුදු 19ක් වූ පෙරරිවාලන්, රජිව් ගාන්ධි ඝාතනය කිරීමට යොදා ගත් බෝම්බය සඳහා වෝල්ට් 9 බැටරි දෙකක් මිලදී ගත්තේ යැයි චෝදනා එල්ල වුවේය.

පෙරරිවාලන් හට ත්‍රස්තවාදය සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉන්දීය අධිකරණය මරණ දඬුවම නියම කළේය.

වසරකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම අත්හිටවූ අතර 2014 වසරේදී එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට පරිවර්තනය කළේය.

2022 වසරේ මාර්තු 9 වෙනි දින පෙරරිවාලන් හට ඇප ලබා දුන්නේය. අද (18) වසර 31 කට පසු ඒ.ජී පෙරරිවාලන් නිදහස ලැබුවේය.

ඒ.ජී පෙරරිවාලන් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින ශ්‍රී ලාංකික ජාතිකයන් වූ නලිනී සිරිහරන් සහ ඇගේ ස්වාමිපුරුෂයා මුරුගන් ඇතුළුව අනිකුත් වැරදිකරුවන් 6 දෙනාට ද නිදහස් වීමට මාර්ගය පෑදෙනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here