රටපුරා රෝහල්වල ඖෂධ හිඟයි

0
113

දිවයිනේ රෝහල් කිහිපයක ඇතැම් ඖෂධ වර්ගවල හිඟයක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජි.විජේසූරිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවාව බිඳවැටීමකින් තොරව ඉදිරියට කරගෙන යෑමට සියලුදෙනා කැපවීමෙන් වැඩ කල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය ජි.විජේසූරිය,

“දිවයිනේ බොහෝ රෝහල්වල යම් යම් ඖෂධ වර්ගවල ඌනතාවයන් ඇතිවෙලා තියෙනවා. මොකද ඖෂධ වර්ග ගත්තාහම සාමාන්‍යයෙන් වර්ග 3,000කට අධික ප්‍රමාණයක් භාවිත කරනවා. ඒ වගේම ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය ගත්තහම 6,000කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරනවා. මේ ද්‍රව්‍යවලින් යම්කිසි ප්‍රමාණයක් යම් යම් රෝහල්වල ඌනතාවයන් තියෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තහම ඒකෙත් මේ වෙනවිට ඖෂධ 30ක – 40ක පමණ ඌනතාවයක් ඇතිව තිබෙනවා. කෙසේවෙතත් අපි රෝගී සත්තාකර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරනවා. කිසිදු දරුවෙකුට අපි ප්‍රතිකාර කිරීම නතර කරලා නැහැ. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉන්දීය මුදල් ආධාර මත ඖෂධ ගෙන්වීමට කටයුතු කරනවා. එම ඖෂධ තවත් මාස 02ත් 03ත් අතර ලැබීමට නියමිතයි. එතෙක් මෙලෙසෙ ගැටලු තියෙනවා.”

දිවයිනේ කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකක වසා දැමීමක් සිදුව නොමැති බව ඔහු සඳහන් කරයි.

“දිවයිනේ කිසිම රෝහලක දැඩි සත්කාර ඒකක වසා දැමීමක් සිදුවෙලා නැහැ. ඒ වගේම ඖෂධ හෝ ශෛල්‍ය වෛද්‍ය ද්‍රව්‍ය හෝ වෙනත් එවැනි දෑ ඌනතාවයක් නිසා කිසිදු රෝගියෙක් මියයෑමට ලක්වෙලා නැහැ. කෙසේ හෝ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා හදිසි ප්‍රතිකාර කිරීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හා පරිත්‍යාගශීලින්ගෙන් ලැබනෙවා. ඉතින් අපි තවදුරටත් එවැනි පරිත්‍යාගශීලින්ගේ සහාය තවදුරටත් ලබාදෙනවා නම් එය අගය කොට සළකනවා. කෙසේ හෝ මේ සෞඛ්‍ය සේවාව බිඳවැටීමකින් තොරව ඉදිරියට කරගෙන යෑමට සියලුදෙනා කැපවීමෙන් වැඩකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here