රටින් පළා ගිය ගෝටා මහ රෑ යළිත් එයි

0
35

ජනතා විරෝධය හමුවේ රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ යළි මෙරටට පැමිණ තිබේ.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.48ට පමණ ය.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටිය සිටියහ.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාධ ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වුයේ.

ගෝටාබය රාජපක්ෂට සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කියමින් රට පුරා ජනතාව දැවැන්ත විරෝධතා මාලාවක් දියත් කළ අතර ඊට කන් නොදීම හේතුවෙන් පසුගිය ජූලි 09වනදා ජනතාවය ලක්ෂ ගණනක් ජනාධිපති මන්දිරයට කඩාවැදුණු අතර ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉන් පලාගොස් හමුදා කඳවුරක රැකවරණය ලැබීය.

පසුයව ඔහු ජූලි 13 වනදා ගුවන් හමුදා ජෙට් යානයකින් මෙරටින් මාලදිවයිනට පලා ගිය අතර පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.

පසුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here