රනිල්ගේ අගමැති සිහිනය සුනේ සුන්

0
121

රනිල් වික්‍රමසිංහට ජාතික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සිය මතය අද (28) ප්‍රකාශ කලේය.

ඒ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් තබමින්.

මොලේ අමාරුව

පාර්ලිමේන්තු මැතිවරණයේ එක් අසුනක්වත් දිනා ගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අගමැතිකමක් දීමට තරම් මොළේ අමාරුවක් පොදුජන පෙරමුණට නැති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

ඒ බැව් සඳහන් කළේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයායි.

සර්ව පාක්ෂික සමුළුව කැඳවීම ගැනත් එහිදී ඇමැතිවරයා සිය මතය ප්‍රකාශ කලේය.

සර්ව පාක්ෂික සමුළුව

ඔහු සඳහන් කළේ එම සමුළුව කැඳෙව්වේ ජාතික ආණ්ඩු හැදීමට නොව අර්බුදයක් ඇති වූ විට අපව කැඳවන ලෙස පාර්ලිමේන්තුවෙන් ආ ඉල්ලීමකට අනුව බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද එහිදී අදහස් පළ කලේය.

ඔහු සඳහන් කළේ මේ රටේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට සුදුසුම පුද්ගලයා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය දරන බවයි.

ඒ නිසා වෙන පුද්ගලයන් අග්‍රාමාත්‍ය ධූරය දීම ගැන පොදු ජන පෙරමුණ කල්පනා කළ යුත්තේ මන්දැයි මහ ලේකම්වරයා එහිදී මාධ්‍යයෙන් ප්‍රශ්න කලේය.

ගෙන යන රාවය

ජාතික ආණ්ඩුවක අගමැති තමන් බවට යන රාවය රනිල් වික්‍රමසිංහ විසින්ම යවන්නත් බවට මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද සඳහන් කර තිබුණි.

ඒ දමිළ මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ.

ඉකුත් 23 පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසුද එළඹෙන සිංහල අවුරුද්දෙන් පසු බිහිවන ජාතික ආණ්ඩුවක අගමැති රනිල් වික්‍රමසිංහ බවට රාවයක් පැතිරෙමින් තිබේ.

අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්ද ?

බැසිල් රාජපක්ෂ මුදල ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් පවතින ආර්ථික අර්බුදයට වන බලපෑම පිළිබඳව සිය මතය විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂව මුදල් ඇමති ධූරයෙන් ඉවත් කිරීම ආණ්ඩුව කරන අයගේ හිත සුව පිණිස ප්‍රයෝජනවත් බවයි.

ප්‍රමාද වැඩියි

එහෙත් දැන් ඊට ප්‍රමාද වැඩි බවයි වීරවංශ පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ධූරයෙන් ඉවත් කළා කියා පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට පවතින පාලනයට හැකි යැයි තමන් විශ්වාස නොකරන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට නම් පවතින පාලනය වෙනස් කළ යුතු බවයි වීරවංශ එහිදී සඳහන් කළේ.

මාධ්‍ය නැඟු ප්‍රශ්නය

විමල් වීරවංශ මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි වීරවංශ ඉහත සඳහන් පිළිතුර දුන්නේ.

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වත්මන් රජය බලයට ගෙන ඒමට සෑහෙන වැඩ කොටසක් කළ හිමිනමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here