ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන්න යැයි අඛ්ණ්ඩව ගෙන යන විරෝධතා හමුවේ ආණ්ඩුව විසින් ගෙන එන පැලැස්තර විසඳුම්වලින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත්නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අතුල විතානවසම් පෙන්වා දී තිබේ.
ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ එම ආචාර්යවරයා සමඟ කළ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
ජනාධිපතිවරයා තව දුරටත් ධුරයේ රැඳී සිටිමින් අගමැතිවරයා ඉවත්වීම සිදුවුවහොත් එවැනි තත්වයක් තුළ පිහිටුවන අන්තර්වාර පාලනය ගැන ඔහු පහත සඳහන් ප්‍රකාශය කර තිබේ.
“වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගොඩ නගා ඇති ආණ්ඩුක්‍රම ව්‍යූහය ඇතුලත ජනාධිපතිවරයා ඉව් නොවී ගොඩ නගන පාලනයක් අන්තර්වාර පාලනයක් බවට පත්වන්නේ නැත.
(ලංකාදීප)