ලබන 09වැනිදා යළි කොළඹ වටලන්න සැලසුමක්

0
49

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරමින් වෙනත් පක්ෂවලට ලබා දෙන ඇමති ධුර ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට ආචාර්ය හර්ශ ද සිල්වා සහ සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කර ඇති බව අනාවරණය වේ.

සාකච්ඡා සාර්ථක වුවහොත් ආචාර්ය හර්ෂ ද සිල්වාට මුදල් අමාත්‍යංශයත් සරත් ෆොන්සේකාට මහජන ආරක්ෂක අමාත්‍යංශයත් ලබා දීමට සැලසුම් කර ඇත. මේ වනවිට රට තුළ මතුවී තිබෙන ආර්ථික හා දේශපාලන කඩා වැටීම නිමා කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබා ගන්නා බව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ සැලසුම් වජිර අබේවර්ධන විසින් දියත් කර ඇත.

අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන අතුරු අයවැය සම්මත කර ගැනීමට අනෙකුත් පක්ෂ ද එක්කර ගත් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ ඉලක්ක සහිතව වජිර අබේවර්ධන ක්‍රියාකාරමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ලෙස ඔහු ඉතා ඉක්මනින් දිවුරුම් දෙනු ඇති බව ද, මේ සියලු කටයුතු අයවැය ලේඛණය සම්මත කර ගැනීමේ අරමුණ සහිතව මේ වනවිටත් ක්‍රියාවට නඟා ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වේ.

ලබන 09 යළි කොළඹ වටලන්න සැලසුමක්

ලබන මාසයේ 09 වැනිදා යළිත් ජනතාව සමඟ කොළඹ වැටලීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ් අනුව අරගලයේ අවසන් සටන ජයග්‍රහණය කර දූෂිත දේශපාලනඥයින්ගෙන් සහ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරා ගන්නා ලෙස අරගලයේ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන්නේ දූෂිත පාලනයක් බවත් අරගලයේ දරුවන් දූෂිත දේශපාලනඥයින් පන්නා දමා පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නද ප්‍රයෝජනයක් නොවන බවට අරගලයේ දරුවන් තේරුම් ගෙන ඇතැයි ද ඔහු සඳහන් කලේය.

අලුත් බලවේගයක් හරහා ව්‍යවස්ථාව රැකගතයුතු බවත් සියලු දෙන තේරුම් ගෙන එකතු වී එක අරමුණක පැමිණිය යුතු බවත් කියා සිටි ෆොන්සේකා රටට ආදරේ පිරිසක් එකතු කරගෙන අලුත් බලවේගය නිර්මාණය කළ යුතු බවත් ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here