ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක්

0
112


මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ඊට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබේ.

එහි පළමු අදියර යටතේ ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි එහි නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා සඳහන් කළේ.

අගමැතිගේ කව්ද හමුඋනේ ?

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා පවත්වා තිබේ.

ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටළු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමඟ පැවති සාකච්ඡාවලදී අවධානය යොමු වූ බවයි සඳහන් වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.

සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිළි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ක්ෂනික අභියෝගය රජයට පවතින බවයි.

බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටින බවද එහි සඳහන් කර තිබේ.

මේ අතර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබද හෙට දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවද සඳහන්.

පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට (16) දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

තවත් ඩීසල් තොගයක් ඉන්දියාවෙන්

ඉන්ධන සඳහා වන ඉන්දීය ණය පහසුකම යටතේ ටෝම් හෙල්විග් සමාගම විසින් සපයනු ලබන නවතම ඩීසල් තොගය අද(15) දින කොළඹට ළඟා වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඉන්ධන තොග 12ක් සහ මෙට්‍රික් ටොන් 400,000කට අධික ප්‍රමාණයක්, එහි අඩංගු බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here