විදුලි බිලත් ඩොලර්වලින් ගෙවන්න වෙයි

0
102

විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීමට උපකාරී වන පරීදි සියලුම විදේශ විනිමය උපයන ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවීය යුතු යැයි යෝජනා කරණ බව මහජන උපයෝගිතා කොමිසමේ පවසයි.

ඒහි සභාපති ජනක රත්නායක වැඩිදුරටත් පවසා සිටියේ වර්ථමානයේ විදුලිබල මණ්ඩලය ලබා ඇති විශාල පාඩුව දරාගැනීමට හැකියාවක් නොමැති බවත් ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

විදුලි ඒකක 30 ත් 60 ත් අතර භාවිතා කරණ විදුලි පාරිබෝගිකයින්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකරන බවත්, ඒ සඳහා සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව රත්නායක වැඩි දුරටත් පැවසීය.

ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් රත්නායක සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here