විශ්වාස භංගය ගැන ස්ථිර අදහසක් නැහැ

0
102
There is no definite idea about the no-confidence motion
There is no definite idea about the no-confidence motion

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද කීය.

විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.

මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය.

එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණ්‍ය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය.

විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කළද එය විසුරුවා හැරිමේ බලය තිබෙන්නේ ජනාධිපතිට බැවින් ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිශ්චිත බවක් නැති බවද ඔහු බලයේ සිටියදි පිහිටුවන සර්වපාක්ෂික හෝ සභාග හෝ අන්තර්කාලීන හෝ කුමන ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එය තවත් මිරිගුවක් පමණක් බවද දිසානායක මහතා පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව කීය.

UNP මැයි දිනේට ගෝල්ෆේස්

ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

මේ දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව කී පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව සඳහන් කළේය.

ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බව කී මහලේකම්වරයා දේශපාලන පක්ෂ අරමුණු මොහොතකට හැර දමා මේ මොහොතේ මහපොළොවේ අරගලය සමග එකතු වීමට එජාප බිම් මට්ටමේ යාන්ත්‍රණයට අවස්ථාව ලබාදී තිබෙන බවද සඳහන් කළේය.

සජබ පා ගමන මහනුවරින් කොළඹට

ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජන බලවේගයේ දින හයක දැවැන්ත විරෝධතා පා ගමන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලින් අද  උදෑසන ආරම්භ විය.

විරෝධතා පා ගමට පැමිණි ජනතාවගෙන් මහනුවර නගරය පිරි ඉතිරි ගිය අතර විරෝධතාවට එක් වූ ජනතාවට නොදෙවනි ජනතාවක් මග දෙපස රැඳී සිටිමින් විරෝධතා පාගමන දිරිමත් කිරීමට කටයුතු කළේය.

“ජන පීඩකයින් එලවන ජන බලවේගය” ලෙස නම් කර ඇති මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පමණ ආරම්භ කෙරිණ.

විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් මහනුවර නගරයේ ගමනා ගමන කටයුතු සඳහාද බාදා එල්ල විය.

මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලට පස්වරු 9.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතා පාගමනටට පෙරවරු 10.00 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here