විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු

0
45

පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල අද (23) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පැතුම් කර්නල් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේය.

අරලියගහ මන්දිරයේ තොරතුරු ඉල්ලයි

අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට දැනුම්දී ඇත.

කෙසේ වෙතත් සේවක ප්‍රශ්න හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට තවමත් නොහැකිව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයෝ විශාල පිරිසක් ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ මොනවා දැයි තහවුරු කරගැනීමේ කටයුතුවල මේ දිනවල නියැලී සිටිති.

ප්‍රචණ්ඩකාරීන් අතින් වැඩිම දේපළ හානියක් සිදුවී ඇත්තේ ජනාධිපති මන්දිරයටය.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ දේපළ සටහන් කර ගැනීමේ කටයුතු තව දින දෙකකින් පමණ අවසන් කිරීමට හැකි වෙතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම කටයුතු අවසන් වීමෙන් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ වාර්තාවක් පොලිසියට බාර දෙනු ලැබීමට නියමිතය.

දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපති මන්දිරයේ වැඩිම හානියක් සිදු වී ඇත්තේ එහි චිත්‍ර ඇතුළු සිතුවම්වලටය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගගේ උපදෙස් මත බස්නාහිර පළාත් බාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ශ්‍යාමලී රාජපක්ෂගේ විශේෂ අධීක්ෂණය යටතේ එහි නිලධාරීහු කණ්ඩායමක් ජනපති මන්දිරයේ දේපළ පරික්ෂා කිරීමේ කටයුතු වල නියැලී සිටිති.

රෝහිතගේ කාර්යාලයට ගිනි තැබූවෙකු අත්අඩංගුවට

මැයි මස 09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පානදුර පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයට ගිනි තබා අනර්ථය සිදු කිරීම සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වයස අවුරුදු 53ක් වූ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මන්ත්‍රීවරයෙක් බේරේට තල්ලු කල කාන්තාව

මැයි මස 09වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට පහර දී තුවාල සිදුකර මුදල් පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම සැකකාරිය අවුරුදු 26ක් වයසැති කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here