වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා…

0
190

කොවිඩ් ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් පර්යේෂණ සිදු කෙරුණා.

ඒවාට අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම, වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ තොරතුරු ද අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්යේෂකයින් සමත් වුණා.

මේ අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා කිහිපයක්ම ලබා ගැනීමට හේතු වී ඇත්තේ කොවිව් වෛරසයේ ප්‍රභේද වෙනස් වීම හේතුවෙන් බව ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා මහතා අවධාරණය කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, තවත් කොවිඩ් ආසාදිතයන් 1,263 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත අසාදිතයන් සංඛ්‍යාව හයලක්ෂ 23,248ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොවිඩ් පුද්ගල මරණ සංඛ්‍යාව 15,692ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here