සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට ඇප

0
93

බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටී සිංහල ආචාර්ය උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන එක් අයකුට අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (20) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙසට ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කරන ලද නොතිසිකට අනුව මොවුන් දෙදෙනා අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙන්ම මෙම නියෝගය නිකුත් කෙරිණ.

සිද්ධියට අදාළව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 9 වැනිදා තෙක් කල් තැබිය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි .

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සදහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here