සුකීට තවත් වසර පහක සිර දඬුවමක්

0
169
Myanmar: Aung San Suu Kyi sentenced to 5 years in corruption case
Myanmar: Aung San Suu Kyi sentenced to 5 years in corruption case

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට එරට අධිකරණයක් විසින් තීන්දු කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 2021 පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයකින් ඇයගේ තේරී පත් වූ රජය බලයෙන් පහකිරීමත් සමග සුකී නිවාස අඩස්සියේ පසුවන බවයි.

ඇය චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර Nay Pyi Taw අගනුවර සංවෘත දොරටු විභාගය මහජනතාවට සහ මාධ්‍යයට වසා දමා ඇති අතර, අවුන් සාන් සුකීගේ නීතිඥයින්ට මාධ්‍යවේදීන්ට කතා කිරීම තහනම් කර තිබේ.

මියන්මාරයේ විශාලතම නගරය සහ ප්‍රදේශය වන යැංගොන් හි හිටපු ප්‍රධානියාගෙන් ඩොලර් 600,000 (£ 477,000) ක අල්ලසක් මුදල් සහ රන් කැට වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඇයට වසර පහක සිර දඬුවමක් නියම වී ඇති අතර ඇගේ නීතීඥයින් පවසා තිබෙන්නේ තවමත් ඇයව හමුවීමට නොහැකි වූ බවයි.

ඇය මීට පෙර වෙනත් වැරදි සඳහා වැරදිකාරිය වී ඇති බැවින් මෙම නවතම වසර පහක සිර දඬුවමත් සමගින්  ඇයගේ සම්පූර්ණ සිර දඬුවම වසර 11 දක්වා ගෙන යන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී, ඇය හමුදාවට එරෙහිව විසම්මුතිය ඇවිස්සීම සහ මහජන සෞඛ්‍ය කොවිඩ් නීති කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු විය.

එමෙන්ම  ජනවාරි මාසයේදී ඇයගේ නිවසේ තහනම් වෝකි ටෝකි රේඩියෝ යන්ත්‍ර තිබීම සහ තවත් කොවිඩ් නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට පත්ව තිබේ.

ඇයට පවතින සියලු චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, සමහර ඇස්තමේන්තු වලට අනුව, ඇයට වසර 190 කට වැඩි සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති.

dw.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here