සෙනගාලෙන් පෙරට එන තරුණ විකල්පවාදියා…

0
192

අප්‍රිකානු මහාද්වීපයේ දැඩි ලෙස චීන ණය බලපෑමට අසුවූ රාජ්‍යයක් වන සෙනෙගාලයේ (23) පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අගනුවර නගර සභාව ඇතුළු රටේ සියළු ආයතන ජයග්‍රහණය කිරීමට ousmane sonko ගේ නව (PASTEF) පක්‍ෂය හා අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සමත් වී ඇත. මාධ්‍ය ඔස්සේ ජනතාව ඇමතු පාලක පක්‍ෂය තමන් දැවැන්ත පරාජයක් ලබා ඇති බව පිළිගනු ලැබීය.

මාස 6කින් පැමිණීමට නියමිත මහා මැතිවරණයට පෙර හා 2024 දී පැමිණීමට නියමිත ජනාධිපතිවරණයේදී තරුණ sonko වටා මෙම එයතිහාසික ජයග්‍රහණයත් සමග ජනතාවගේ ආකර්ෂණය වැඩි වෙමින් පවතින බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි.

අප්‍රිකාවේ වඩාත් සාමකාමී රටක් ලෙස සැලකෙන සෙනගාලය පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇවිලී ගියේ 2012 සිට එරට පාලනය කරන macky sall විසින් දෙවරකට වැඩි වාරයක් ජනාධිපති වීමට ඇති හැකියාව ව්‍යවස්ථානුකුලව අවලංගු කර නැවතත් නව අපේක්‍ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කල අවස්ථාවේදීය.

එයට විරෝධය පාමින් එරට දහස් ගණන් තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව රට අකර්මන්‍ය කරනු ලැබීය. මෙම උද්ඝෝෂණ උත්සන්න වූ අවස්ථාවකදී එරට නව ප්‍රගතිශීලි පක්‍ෂයක් බිහිකළ ousmane sonko ස්ත්‍රී දුෂණ චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත් අඩංගුවට පත්වීමත් සමග මේ දක්වා සාමකාමිව පැවති උද්ඝෝෂණ දැවැන්ත කැරැල්ලක් දක්වා වර්ධනය වීමත් සමග sonko මුදාහැරීමට ජනාධිපති macky sallට සිදුවිණි.

සෙනගාලයේ පවතිනුයේ වසර 12ක සිට macky sallගේ පවුලට සමග ගැටගැසුණු හවුල් පාලනයකි. සෙනගාලයේ ප්‍රධාන ආයෝජකයා බවට පත්ව ඇත්තේ චීනය වන අතර මේ වන විට යටිතල පහසුකම්, පාලම්, අධිවේගී මාර්ග ඇතුළු සියළු ආයෝජන වල වටිනාකම ඩොලර් බිලියන 1000ක් ඉක්මවා ඇත.

මෙම ගිවිසුම් මගින් සෙනගාලය ණය උගුලක සිර කර ඇති බවට චීනයට චෝදනා එල්ල වන අතර පසුගිය නොවැම්බර් මස 28 වැනිදා පැවැති චීන-අප්‍රිකානු වාර්ෂික සමුළුවේදී චීන ජනාධිපති Xi Jinping විසින් එය තරයේ ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

මෙම කෙටිකාලීන හා මාධ්‍ය කාලීන ආයෝජන නිසා සෙනගාලයේ කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන්ගේ කර්මාන්ත කඩා වැටීම හේතුවෙන් එරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ඒ අතර 40% ජනතාවක් කොරෝනා වසංගතයත් සමග අන්ත දරිද්‍රතාවයට පත්වී ඇත. 16%ක රැකියා විරහිතභාවයක් වාර්තා වන අතර එරට ජනතාවගෙන් 65%ක් නියෝජනය කරනු ලබනුයේ වයස 25ට අඩු තරුණ ප්‍රජාව විසිනි. 46 හැවිරිදි ousmane sonko දේශපාලනයට අවතීර්ණ වනුයේ එරට මුදල් අමාත්‍යංශයේ සේවය කරමින් සිටිද්දී පාලක දේශපාලන නායකයන්ගේ චීනය සමග අත්සන් කරන ලද ගිවිසුම්වලදී සිදුවූ දූෂණ ජනතාවට හෙළිදරව් කරමිනි.

මේ වන විට දැඩි අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක හා සෙනෙගාලය එල්ලවන සියළු ආර්ථික, දේශපාලන හා මිලිටරි බලපෑම් වලින් මුදා ගත යුතු බවට දැඩි ස්ථාවරයක සිටින ousmane sonko ඊයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔහු ඉදිරිපත් වූ සෙනගාලයේ ඩකා අගනුවරට පසුව ප්‍රධාන නගරයක් වන Ziguinchor නගර සභාව වසර 12කට පසුව ජය ගැනීමට සමත් වී ඇත.

Sonkoගේ මෙම ජයග්‍රහණයත් සමග එම නගරයේ ජනතාව දහස් ගණනින් වීදී බැස ප්‍රීති ඝෝෂා පැවැත්වූ බව වාර්තා වේ. ousmane sonko පරාජය කිරීමට පාලක පක්‍ෂය විශාල වශයෙන් ස්වාධීන කණ්ඩායම් හා නව දේශපාලන පක්‍ෂ තරඟයට ඉදිරිපත් කර තිබුණද එම උගුලට අසුනොවී ඔහුගේ PASTEF සහෝදරත්වය හා සදාචාරය නැමැති පක්‍ෂයට දැවැන්ත ජයග්‍රහණයක් ලබා දී ඇත්තේ අනාගත 2024 ජනාධිපතිවරණයේදී පාලක පක්‍ෂයට තීරණාත්මක සටනක් දිය හැකි අපේක්‍ෂකයෙකු ලෙස ඉඟියක් ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here