BOI සමාගම් අකුලාගෙන යන ලකුණු !

0
170
BOI සමාගම්

විදේශ සමාගම් විසින් ආයෝජන මණ්ඩලය යටතේ මෙරට පවත්වාගෙන යන කර්මාන්ත දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඒවා ඉවත් කරගෙන ආසියාවේ වෙනත් රටවලට යාම පිළිබද මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බව තොරතුරු අනාවරණය වේ.

අඛන්ඩ විදුලිය නොලැබීම, ඉන්ධන මිල ඉහළ යාම හා හිඟවීම යන ප්‍රධාන කරුනු බලපෑම නිසා කර්මාන්ත පවත්වාගෙන යාමට විදුලිය, ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීමත් සේවකයන් ප්‍රවාහනයට ගැටලු මතු වීමත්, නිෂ්පාදන වෙළෙඳපොළට හෝ වරායට රැගෙන යන බහාලුම් ලොරි රථවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම යන කරුනු හේතුවෙන් පසුගිය මාස දෙක තුන දැඩි පාඩුවක් එම කර්මාන්ත ලබා ඇත.

මේ හේතුවෙන් ගෙවුණු මාස දෙක තුන තුළ ඒවායේ සේවක වැටුප් පවා ගෙවා ඇත්තේ මව් සමාගම් මගිනි.

එය දිගින් දිගටම කළ නොහැකි බව මෙරට කර්මාන්ත ඉහළ කළමනාකාරීත්වය දන්වා ඇති බව වාර්ථා වේ.

මෙම තත්වය මත සේවක වැටුප් අඩු හා අඛන්ඩ විදුලිය, ඉන්ධන සැපයීම් ඇති රටවල්වල සිය කර්මාන්තශාලා පවත්වාගෙන යාම සම්භන්ධයෙන් සාඛච්ඡා කර ඇත.

ඒ අනුව ඉන්දියාව හා බංගලාදේශය යන රටවල එම කර්මාන්තශාලා විවෘත කිරීම පිළිබඳව මේ දිනවල සොයාබලමින් සිටින බව සඳහන් වේ.

දැව සංස්ථාවේ ලාභයට මොකද වුනේ ?

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.

රාජ්‍ය දැව සංස්ථාවේ 2019 – 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරීක්ෂාව සහකාර්ය සාධනය ඇගයීම සඳහා එහි නිලධාරීන් කෝප් කමිටුව වෙත කැදවූ අවස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කර තිබුණි.

රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් ලබා ඇති නමුත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේශණය කර ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ අතර රුපියල් මිලියන 14.4ක් වටිනා ණයගැතියන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සංස්ථාව විසින් කපාහැරීම පිළිබඳව ද කෝප්කමිටුව නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ .

එහිදී නිලධාරීන් සඳහන් කර ඇත්තේ , ආයතනික විගණන හා කළමනාකරණ කමිටුවේ අනුමැතිය මත 2007 වසරේ දී එවකට ක්‍රියාත්මක වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බවය.

කෙසේ වෙතත් රාජ්‍ය ණය පිළිබඳ ඒකාබද්ධ අරමුදල භාරව කටයුතු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා බැවින් ණයගැතියන් කපා හරින්නේ නම් ඒ පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවසර ලබා ගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here