Home Blog

ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක කරන්න

0
Politicians and officials are responsible for the collapse of Sri Lanka
Politicians and officials are responsible for the collapse of Sri Lanka

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් පැවැසුවාය.

ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මේ බව පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය.

දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් පැවැසුවාය.

මර්දනය කිරීමට එරෙහිව පෙනී ඉන්නවා

0

අන්තරේ කැදවුකරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස රදවාගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව හා අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය (AIDSO) විසින් නිකුත් කළ ප්‍රකාශය.

The All India Students Organisation (AIDSO) has issued a statement condemning the detention of three students including, Wasantha Mudalige, Convenor of the Inter University Student Federation, under the Prevention of Terrorism Act (PTA).

සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය (AIDSO)

සමස්ත ඉන්දීය කමිටුව (All India Committee)

මධ්‍යම කාර්යාලය, 48, ලෙනින් සරණි, කල්කතාව

06.09.2022

“අවිවිශිබම සමඟ අපි සහයෝගිතාවයෙන් පෙනීසිටිමු”

ටෙරන්ස් රොද්‍රිගු

කැඳනුම්කරු,

අන්තර් විශ්ව විද්‍යායාල ශිෂ්‍ය බල මණ්ඩලය

පළමුවෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ෆැසිස්ට් රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් කරන ජනතා ව්‍යාපාරය වෙත අපේ ගෞරවය මෙන්ම හදපිරි සහෝදරත්වය පුද කරමු. එමෙන්ම, මෙම ජනතා ව්‍යාපාරයට ඉතා උස් ලෙසින් තම දායකත්වය ලබාදෙන විශ්ව විද්‍යාල සිසු සගයින්, සිවිල් ක්‍රියාකාරිකයින් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයට අපගේ විප්ලවීය සුබ පැතුම් පිරි නමමු.

එක්තරා කාලයක, මෙම භූමි කලාපයේ, උසස් ජීවන රටාවකට හිමිකම් කියන රටක් ලෙස ලොවට උදාහරණයක් වූ ශ්‍රී ලංකාව, බංකොලොත්භාවයට ඇද දැමීමට එරෙහිව ගොඩ නැගුනු ජනතා ව්‍යාපාරය, රජයේ ආරක්ෂක අංශ විසින් ලක් කරන දරුණු සහ විනාශකාරී මර්දනය පිළිබඳ ඔබගේ ලිපිය තුළින් අපි තවත් දැනුවත් වුණෙමු. එමෙන්ම, එම ජනතා ව්‍යාපාරය තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉටු කරනා කාර්ය භාරය දැකීම අපිට ඉමහත් ශක්තියක් දුණි. ඔබගේ ශිෂ්‍ය සංවිධානය එම ජනතා ව්‍යාපාරය තුළ ඉටු කරන අතිශයින් වැදගත් භූමිකාව හේතුවෙන් රාජ්‍ය මර්දනය ඔබ සියල්ලන් ඉලක්ක කරන බව අවිවාදිතය.

ධනවාදයේ ඉතාමත් ප්‍රතිගාමී වකවානුවක් වන අද, ලොව අනෙක් රටවලද ධනේශ්වර පාලකයන් යටතේ ෆැසිස්ට්වාදී වැඩ පිළිවෙලවල් නොයෙක් ආකාරයෙන් මතුවනබව අපි දනිමු. ඔබේ රට මෙන්ම අපේ රටද අද අත්දකින යතාර්ථය මෙයයි. නිදහස් අදහස් පළ කිරීමේ උත්තරීතර අයිතිය සහ ත්‍රස්තවාදය අතර වෙනසක් නැති සේ වර්තමාන ජාතිවාදී ෆැසිස්ට් රජයන් සිය දුර්දාන්ත මර්දනය දියත් කරති. යහපත් ජීවිතයක් ඉල්ලන ජන අරගලකරුවන් සිර බන්ධනයට ලක් කරති. මාධ්‍ය නිදහසට බාධා පමුණුවති.

මේ තත්වය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ නිරතවන සියළු බලවේග, තම එකමුතුකම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව අප තරයේ සිහි තබා ගත යුතුව ඇත. පාලක පන්තියේ කුමන්ත්‍රණ පැරදවීමට ජන අරගල කමිටු පිහිටුවමින් ජන අරගලය ශක්තිමත් කළ යුතුය.

වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන්නා වූ ජනතා මර්දනය සහ විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව මර්දනයට ලක් කිරීම, අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. එමෙන්ම, පසුගිය අගෝස්තු 18 දින සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කළ ම්ලේච්ඡ හා නින්දිත පහර දීම අපි තරයේ හෙළා දකිමු. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත තම සහෝදර දෑත් දිගු කරන මෙන්, ලොව පුරා විසිරී සිටින සියළු ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය ව්‍යාපාරයන්ගෙන්, අපි මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

උණුසුම් සහෝදරත්වයෙන්,

වී. එන්. රාජශේකර් (සභාපති)

සවුරාව් ඝෝෂ් (ප්‍රධාන ලේකම්)

AIDSO All India Committee

All India Democratic Students Organization – AIDSO

ලංකාව බංකොලොත් කිරීමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එන්න

0

ලංකා ඉතිහාසහේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ආර්ථික අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ වාර්තාවක් ඉදිරිපත්කරමින් අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට සහ මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ සඳහා දණ්ඩමුක්තිය ඇතුළු අර්බුදයට යටින් පවතින හේතූන් ආමන්ත්‍රණය කිරීමට සහාය දෙන ලෙස දිරිමත් කරයි.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් වත්මන් ආර්ථික අර්බුදයට මුල්වූ සාධක හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා පියවර ගැනීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ශ්‍රී ලංකාවේ යුද සමයේ හා ඉන් අනතුරුව ඇතිවූ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙතෙක් කලක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමුකර තිබූ අතර මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් ට එරෙහිව ක්‍රියා කිරීමද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

අධිකරණයෙන් නිදහස් කළ ද නිදහස් නැති සිරකරුවෝ

0

ත්‍රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි රජයට බල කර අද (07) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කොට ඇත.

අවුරුදු 03 වැඩි අවුරුදු 14 ක් දක්වා කාලයක් බන්ධනාගාර ගතව පිරිසක් සිටින බව සිරකරුවන් නිදහස් කර ගැනීමේ එකතුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අප කළ විමසුමකදී පැවැසීය.

දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට නිදහස් වන සිරකරුවන්ට නැවත රැදවුම් නියෝගයක් ද නොමැතිව නිති විරෝධීව බන්ධනාගාරයේ රඳවා තබා ගනිමින් නඩු පවරන බව නන්දිමාල් වැඩිදුරටත් කීය.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කූරේව ගම්පහ මහාධිකරණය මගින් පසුගිය දා නිදෝස් කොට නිදහස් කරන ලදී.

අධිකරණය මගින් කුරේව නිදෝස් කොට නිදහස් කළ ද නීති විරෝධිව බන්ධනාගාරයේ රඳවා ගනිමින් ඔහුට එරෙහිව කොළඹ සහා බදුල්ලේ නඩු දෙකාක් ගොනු කර ඇත.

ත්‍රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් බන්ධනාගාරගත සිට නිදහස් වන දේශපාලන සිරකරුවන් නැවත බොරු නඩු අටවමින් රඳවා ගැනීමට එරෙහිව ඔවුන් ගේ ඥාතීන් රජයට විරෝධය පල කරති.

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් මිල මෙන්න

0

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින්ද, 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද , 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින්ද අඩු වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඒ අනුව ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4551/=ක් ද, 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1827/= ක් ද 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848/=ක් ද වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

රටින් පළා ගිය ගෝටා මහ රෑ යළිත් එයි

0

ජනතා විරෝධය හමුවේ රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ යළි මෙරටට පැමිණ තිබේ.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.48ට පමණ ය.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටිය සිටියහ.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාධ ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වුයේ.

ගෝටාබය රාජපක්ෂට සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කියමින් රට පුරා ජනතාව දැවැන්ත විරෝධතා මාලාවක් දියත් කළ අතර ඊට කන් නොදීම හේතුවෙන් පසුගිය ජූලි 09වනදා ජනතාවය ලක්ෂ ගණනක් ජනාධිපති මන්දිරයට කඩාවැදුණු අතර ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉන් පලාගොස් හමුදා කඳවුරක රැකවරණය ලැබීය.

පසුයව ඔහු ජූලි 13 වනදා ගුවන් හමුදා ජෙට් යානයකින් මෙරටින් මාලදිවයිනට පලා ගිය අතර පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.

පසුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගියේය.

චේගේ පුතා මිය යයි

0
Camilo Guevara, son of Cuba’s rebel hero Che Guevara, dies
Camilo Guevara, son of Cuba’s rebel hero Che Guevara, dies

විප්ලවවාදි නායකයෙකු වන අර්නස්ටෝ චේ ගුවේරාගේ පුතා වන 60 හැවිරිදි කැමිලෝ ගුවේරා මාර්ච් පසුගිය 30දා කියුබාවේ අගනුවර වන කැරකස් හිදී අභාවප්‍රාප්ත වී තිබේ.

බොලිවියාවේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කරන විට ඔහුට වයස අවුරුදු පහකි.

කැමිලෝ ගුවේරා මාර්ච් යනු චේ ගුවේරා යන මානව හිතවාදියාගේ සහ දෙවන බිරිඳ වන ඇලෙයිඩා මාර්ච්ගේ දරුවන් හතර දෙනාගෙන් තෙවැන්නා විය.

කැමිලෝ ගුවේරා සිය වෘත්තීය ජීවිතය මු‍‍ලු මුනින්ම පාහේ කැපකර ඇත්තේ තම පියාගේ ජීවිතය ලේඛනගත කිරීම සඳහා වන අතර තම පියාගේ රූපය අලෙවිකරණ අරමුණු සඳහා භාවිතා කිරීම සඳහා ද ඔහු දැඩි ලෙස විරුද්ධ වූවෙකි.

මේ අතර කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් ට්විටර් පණිවුඩයක් මගින් ඔහුට උපහාර පුදකරමින් කියා සිටියේ, “ගැඹුරු ශෝකයෙන් යුතුව, චේගේ ප්‍රතා සහ ඔහුගේ අදහස් ප්‍රවර්ධකයා වන කැමිලෝගෙන් අපි සමුගනිමු” යනුවෙනි.

ඔහු “චේගුවේරා ඉගෙනුම් මධ්‍යස්ථානය” නමින් සංවිධානයක්ද පවත්වාගෙන ගියේය.

පුද්ගලයන් 27 ක් මහ මඟ මරා දමලා

0

පසුගිය මැයි 30 වනදා සිට මේ දක්වා පාතාල කණ්ඩායම් විසින් වෙඩි තබා පුද්ගලයන් 27 දෙනෙක් ඝාතනය කර ඇත.

කෑගල්ල කළුගල් මාවතේ ඊයේ (01) උදේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ගාල්ල බලපිටිය රෝහල ඉදිරිපිට (30) වෙඩි තැබිමෙන් එක් තරුණයෙක් මිය ගොස් අනෙක් තරුණයා තුවාල ලබා ඇති බවත් මීගමුව උසාවිය ඉදිරිපිට (31) වෙඩි තැබිම නිසා පුද්ගලයන් දෙදනෙක් තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

සංවිධානාතමක අපරාධකරුවන් අතර පවතින ගැටුම මෙම ඝාතන වලට හේතු වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව අප කළ විමසුමක දී පැවැසීය.

විරෝධතාකරුවන්ට එරෙහි ත්‍රස්තවාදී නීති එපා – Human Rights Watch

0

සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර අත්අඩංගුවේ පසුවන අය නිදහස් කිරීමට මෙන්ම කුරිරු ත්‍රස්ත මර්දන නීති භාවිතා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නතර කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අද ප්‍රකාශ කළේය.

2022 අගෝස්තු 18 දින පෙළපාලියකට සහභාගී වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකු, නඩු විභාගයකින් තොරව වසරක් දක්වා රඳවා තබා ගැනීමට ඉඩ සලසන අපයෝජනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බලධාරීන් විසින් රඳවා ගනු ලැබීය.

එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පලායාමෙන් සහ ඉල්ලා අස්වීමෙන් පසු ජූලි 21 වන දින ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, ජනාධිපති වික්‍රමසිංහ අදහස් ප්‍රකාශ කිරීමේ, සංගමයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු අයිතිවාසිකම් යටපත් කර ඇත.

ඔහුගේ පරිපාලනය මාසයක හදිසි තත්වයක් පැනවීය, විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමට ආරක්ෂක හමුදා යොදා ගත් අතර සාමකාමී විරෝධතාවලට සහභාගී වූ දුසිම් ගනනක් අත්අඩංගුවට ගත්හ.

අනුප්‍රාප්තික ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය අත්හිටුවීමට සහ එය අයිතිවාසිකම්වලට ගරු කරන නීති සම්පාදනය කිරීමට දුන් පොරොන්දු කඩ කර ඇත.

“ජනාධිපති වික්‍රමසිංහ විසින් ප්‍රතිසංස්කරණ සඳහා කැඳවුම් කරන ජනතාව සිරකර තැබීමට ත්‍රස්ත මර්දන නීති භාවිතා කිරීම, ඔහුගේ පාලන කාලය තුළ අයිතීන්ට ප්‍රමුඛත්වය නොලැබෙන බවට ශ්‍රී ලාංකිකයන් වෙත හිරිහැර කරන පණිවිඩයක් යවයි,” හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි පැවසුවාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රථම වරට “තාවකාලික” පියවරක් ලෙස 1979 දී සම්මත කරන ලද අතර, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සක්‍රීය කර ඇති ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන්ට පටහැනි බොහෝ විධිවිධාන අඩංගු වේ.

රජයේ විරුද්ධවාදීන් සහ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයන් ඉලක්ක කර ගැනීම සඳහා එය නැවත නැවතත් භාවිතා කර ඇත.

2015 දී අගමැති ලෙස වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මුති යෝජනාවකට සහාය දුන් විට නීතිය අවලංගු කිරීමට ප්‍රතිඥා දුන්නේය. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙන යුරෝපා සංගමයේ GSP+ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව නැවත ඇතුළත් කළ විට, 2017 දී ඔහු එම කැපවීම නැවත නැවතත් ප්‍රකාශ කළේය.

ජූලි මාසයේදී එවකට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැවසුවේ, ශ්‍රී ලංකාව “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තථ්‍ය තහනමක්” නිරීක්ෂණය කරන බවයි. මීට පෙර, මාර්තු 22 දා, එවකට අධිකරණ ඇමති, දැන් විදේශ ඇමති අලි සබ්රි, පාර්ලිමේන්තුවට පැවසුවේ,

“ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධ වන වැරදි හැර වෙනත් වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ තථ්‍ය තහනමක්”

පවතින බවයි.

තවත් භාණ්ඩ 48කට කොන්දේසි පනවයි

0

කෘෂිකර්ම ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සිමෙන්ති, සත්ව ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 48ක් ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

700FansLike
600SubscribersSubscribe

ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක කරන්න

Politicians and officials are responsible for the collapse of Sri Lanka
0
දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් පැවැසුවාය. ඇමෙරිකා තනාපති කාර්යාලයේ...

මර්දනය කිරීමට එරෙහිව පෙනී ඉන්නවා

0
අන්තරේ කැදවුකරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස රදවාගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව හා අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය සංවිධානය (AIDSO) විසින් නිකුත් කළ ප්‍රකාශය. The All India Students Organisation (AIDSO)...

ලංකාව බංකොලොත් කිරීමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එන්න

0
ලංකා ඉතිහාසහේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි ප්‍රධානියා විසින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ආර්ථික අපරාධ පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට අවශ්‍ය බවට මෙවර එක්සත් ජාතීන්ගේ මානව...

අධිකරණයෙන් නිදහස් කළ ද නිදහස් නැති සිරකරුවෝ

0
ත්‍රස්තවාදී පනත යටතේ දිර්ඝ කාලයක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි රජයට බල කර අද (07) කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කොට ඇත. අවුරුදු 03 වැඩි අවුරුදු 14 ක් දක්වා කාලයක් බන්ධනාගාර ගතව...

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් මිල මෙන්න

0
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින්ද, 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද , 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින්ද අඩු වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
error: Content is protected !!